පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

රුපියල් 600 ට 4GB RAM එකක් ... රුපියල් 400 ට 2 GB RAM එකක්... (100% අනිවා වැඩ )

ඔයගොල්ලොන්ට මේ POST එක දැක්කේ ගමන් හිතුනේ බොරු කියල නේද ? ඇත්තටම කවුද රුපියල් 600 ට ඕනෑම DDR ගානකට හරියන RAM එකක් දෙන්නේ රුපියල් 400 ? මම ක...

ඔයගොල්ලොන්ට මේ POST එක දැක්කේ ගමන් හිතුනේ බොරු කියල නේද ? ඇත්තටම කවුද රුපියල් 600 ට ඕනෑම DDR ගානකට හරියන RAM එකක් දෙන්නේ රුපියල් 400 ? මම කියන්නේ වැඩකරන එකක් ? මම මේ කතාන්දරය අගය කර කර කියනවා නෙමේ.... හැබැයි මේකනම් 100% ක් වැඩ . ඔයගොල්ලොන්ට විශ්වාස නැත්නම් කරලම බලන්න . මම මිට කලි බොරු දේවල් දීලත් නෑ . වැඩ නොකලොත් ආයේ කවදාවත් මම කියනදේවල් විශ්වාස කරන්න එපා . 
හරි කතා ඇති කොහොමද මේක වෙන්නේ ?
මේක ඇත්තටම කරන්න ඔය මම කියල තියන ගණන් යන්නෙත් නෑ . අවශ්‍ය දේවල් තමා FLASH DRIVE එකක් . ඒ කියන්නේ පෙන් DRIVE එකක් වගේ දෙයක් .. දැන් කට්ටිය බලනවා ඇති කොහොමද PEN එකක් රුපියල් 400 , 600 විතර ලොකු GB ගණන් ගන්නේ කියලා ... ඇත්තටම මේකට ඔයාට MEMORY CARD එකක් ගන්නත් පුළුවන් . MEMORY CARD ඉස්සෙල්ල මම කිව්වා ගණන් තමයි . සමහරු දන්නවා ඊටත් අඩුවට ගන්නතියෙන තැන් . ඉතින් මෙහමයි . මේකෙන් ඔයාගේ පරිගණකයට උපරිම 4GB දක්වා RAM එකක් ලබාගන්න පුළුවන් ... ඔයාගේ ඒ FLASH DRIVE එකේ තියෙන SPACE එක අනුව තමයි .

මහේමයි කරන්නේ ....
මම මේක PEN DRIVE එකක් පාවිච්චි කරලා කරන විදිය පෙන්වන්නම් . නමුත් ඔයාට CARD READER එකක් භාවිතයෙන් පරිගණකයට සම්බන්ද කරලා MEMORY CARD එකෙනුත් මේක කරන්න පුළුවන් . දෙකෙන්ම අනිවා වැඩ . මොකද දෙකම ආචයන උපාන්ගනේ . ඒ කියන්නේ STORAGE DEVICES නේ . ඉතින් දැන් මම කියන්නම් මේක ඇත්තටම වෙන්නේ කොහොමද කියලා . RAM එක කියන්නේ ඔයගොල්ලොන්ගේ පරිගණකයේ තියෙන නශ්‍ය මතකයක් (VOLATILE) . ඉතින් එක කරන්නේ ඔයාගේ පරිගණකයේ විදුලිය තිබෙන තුරු දත්ත තාවකලිකව තැන්පත් කරතිබිමයි . එකියන්නේ GAME එකක් වගේ ගහද්දි ඒ GAME එකට අවශ්‍ය දේවල් තාවකාලිකව රඳවන්නේ ඒ RAM එකේ . ඉතින් ඒ තාවකාලිකව රඳවන්න ඉඩමදී වුනාම තමයි STRUCK වෙන්නේ . ඉතින් මේ වැඩෙන් ඔයාට පුළුවන් ඒවිදියට ඔයාගේ රම එක වැඩිකරගන්න . 

(1) ඔයාගේ PEN එක සම්බන්ද කරන්න .

(2)ඊට පස්සේ mycomputer ගිහින් ඔයාගේ පෙන් එක හොයාගන්න . දැන් මගේ එකේ නම් 13 gb FREE තියෙනවා .

(4)ඊට පස්සේ RIGHT click කරන්න පෙන් එක උඩ .... ඊට පස්සේ PROPERTIES යන්න .

(5) ඊට පස්සේ READY BOOST කියන එකට යන්න .

(6)ඊට පස්සේ USE THIS DEVICE කියන එක ඉස්සරහ තියන රවුමේ තිත තියන්න .

(7) අවශ්‍ය ප්‍රමාණය ඒ කියන්නේ RAM එකට කැප කරන ප්‍රමාණය තෝරන්න . ඔයාගේ පෙන් එක 4gb නම් උපරිම වැටෙන්නේ 4gb කියල .. හැබැයි 4 ට වඩා වැඩිනම් උපරිම පුළුවන් වෙන්නෙත් 4gb ... ඒ කොටස ඔයා දුන්නට පසුව ඒ SPACE එක අහිමි වෙනවා . ආයේ ගන්න පුළුවන් .

(8)ඊට පස්සේ APPLY කරන්න . එතකොට මෙහෙම වෙයි . ඊට පස්සේ OK කරන්න .

(9)දැන් ඔයාට ඔයා ඉල්ලපු RAM ප්‍රමාණය ලැබිල තියෙන්නේ . ඒවගේම ඊට සමාන ප්‍රමාණයක් ඔයාගේ DRIVE එකේ අඩුවෙලත් ඇති . ඔයාගේ ඒ DRIVE එක ඇතුලට ගියාම READY BOOST කියල DELETE කරන්න බැරි FILE එකක් ඇති . වැදගත් - ඔයාගේ RAM එක වැඩිවුණාට එක ඔයාට MY COMPUTER එකේ පෙන්නන්නේ නෑ . නමුත් ඔයාගේ පරිගණකයේ SPEED එක වැඩිවීමෙන් එක ඔයාට දැනගන්න පුළුවන් . 

(10) දැන් කියන්නේ යේ එක නැති කරන විදිය . ඒ FILE එක RIGHT click කරලා PROPERTIES යන්න .
(11) ඊට පස්සේ READY BOOST යන්න . ගිහින් DO NOT USE THIS DEVICE කියන එක ඉස්සරහ තිත තියන්න .

(12)APPLYකරන්න . ඊට පස්සේ ඉස්සෙල්ල වගේ LOAD වෙයි .


දැන් වැඩේ හරි අයින් වුනා . ආයෙත් ඕනෙනම් යේ අර විදියට කරන්න පුළුවන් . ඔයාගේ පෙන් එක ගහල තියෙනකන් ඒ RAM එක ඔයාගේ  . ගලවල ආයේ ගහන්නත් පුළුවන් . එත් වැඩ .

කොහොමද අද දීපු වැඩකල්ල ? අදහස් දාන්න .

ලිපිය - පසිඳු ජයසිංහ (පරිගණක වැඩකෑලි -ADMIN)