පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

මොකක්ද මේ TWITTER ? හරියට ඉගෙන ගමු ...

:P මුලින්ම කියනවනම් Twitter එක Facebook හා Google buzz එකෙන් වෙනස් වෙන ප්‍රධානම වෙනස තමා ඒකේ තියෙන අකුරු සීමාව. ඒ කියන්නෙ අපි ලියන tw...

:P
මුලින්ම කියනවනම් Twitter එක Facebook හා Google buzz එකෙන් වෙනස් වෙන ප්‍රධානම වෙනස තමා ඒකේ තියෙන අකුරු සීමාව. ඒ කියන්නෙ අපි ලියන tweet එක අකුරු 140 කට සීමා කරන්න වෙන එක. ඒත් ඇත්තටම කියනවනම් අපි කියන දේ වැල්වටාරම් නැතුව සහ අදහස ජනිත වෙන්න ලියන්න අකුරු 140 හොඳටම ඇති. ඒත් කාට හරි බැරිවෙලාවත් 140 වඩා අවශ්‍ය වෙනවනම් ඒකටත් වෙනම පහසුකම් සපය ගන්න පුලුවන්. ඊට අමතර Video හා Photo සයිට් එකෙන් එලියට නොගිහින් බලාගන්නත් දැන් Twitter එකේ පහසුකම් තියෙනවා.
Twitter එකේ මූලික පෙනුම මේ පහල පිංතූරයෙන් බලාගන්න පුලුවන්. (පැහැදිලිව බලන්න පිංතූරය මත click කරන්න)
Home Page
01) What happening කියන තැන තමා අපේ update එක ලියන්නෙ.
02) Time line කියන තමා අපි Follow කරන අයගේ tweets සහ අපේ tweets අපිට පේන්නේ.
03) වෙනත් කෙනෙක් අපිව Tag කරලා Tweet එකක් කළොත් ඒක අපිට මෙතනින් බලාගන්න පුලුවන්.
04) අපිට කෙනෙක් එවන private massage (Direct massage) බලන්න, යවන්න මෙතනින් පුළුවන්.
05) මෙතන අපි මෙච්චර කල් කරපු Tweet ගාන හා අපි අන්තිමට කරපු tweet එක පේනවා.
06) අපිව follow කරන හා අපි follow කරන අය ගැන විස්තර.
07) අපිට follow කරන්න නිර්දේශ කිරීම් කිහිපයක්.
08) මේ වෙද්දි වැඩිදෙනෙක් tweet කරන (trend වෙන) මාතෘකා.
ඔය තමා මූලික පෙනුම. දැන් අපි බලමු කොහොමද Twitter එක කම්මැලි කමක් නැති තැනක් බවට පත්කර ගන්නෙ කියලා.
අහ් ඊට කලින් Twitter command ගැන කියන්න ඕනනේ. හරිම සරලයි.
අපි ලියන tweet එකට කාවහරි mention කරන්න ඕනා නම් @ දාලා අදාල කෙනාගෙ Twitter username එක දාන්න ඕනා. උදාහරණයක් විදියට මාව mention කරන්න ඕනනම් @RoylyFdo කියලා දැම්මනම් හරි. මතක තියාගන්න @ එකට පස්සෙ හිස්තැනක් එන්නෙ නැහැ. එහෙම දාන්න අදාල කෙනාව follow කරන්න අවශ්‍ය ම නෑ. ඒත් ඒ අය ඔයාව follow නොකෙරුවත් ඔයාගෙ tweet එක ඒ අයට පේනවා. ඉතින් අදාල කෙනාට ඔයාව follow කරන්න ඕනා කියලා හිතුනොත් එයා ඔයාව follow කරාවි.
@Mention & # Tag
අපිට විශේෂ මාතෘකාවක් ගැන tweet කරන්න අවශ්‍ය වුනාම අපි # ටැග් එක දානවා. අනිවාර්යය නැහැ. ඒත් ඒක ඒ ගැන උනන්දු අයට වැදගත් වේවි. උදාහරණයක් විදියට අපි මේ දවස් වල පැවැත්වෙන ලෝක කුසලානය ගැන tweet එකක් දානකොට #CWC2011 ටැග් එක දානවා. ඒ වගේම අපි ඔන්ලයින් සාජ්ජයක් දානවා twitter එකේ. ඒකේ ටැග් එක තමා #sajje කියන්නෙ. සිංදුවක පද ටිකක් ලියලා අගට #sajje කියන ටැග් එක දාලා tweet කරනවා. එච්චරයි. කැමති කෙනෙකුට එකතු වෙන්න පුලුවන්. ඒ ගැන වැඩි විස්තර මෙතන තියෙනවා.
කෙනෙකුට Private message එකක් යවන්න ඔනා නම් මම උඩින් කියපු අංක 4 තැනට නොගිහින් කරන්නත් පුලුවන්. ඒකට කරන්න ඕනා D දාලා හිස්තැනක් තියලා අදාල කෙනාගෙ twitter name එක ලියන එකයි. හැබැයි මේකට අදාල කෙනා ඔයාව follow කිරීම අනිවාර්යය වෙනවා.
උදාහරණයක් විදියට මට එකක් එවනවනම් D RoylyFdo පණිවුඩය එවන්න.
දැන් බලමු කම්මැලි කමක් නැතුව tweet කරන්නෙ කොහොමද කියලා.
මුලින්ම Twitter account එකක් හදාගත්තට පස්සෙ ඔයාල තව කෙනෙක්ව follow කරන්න පටන් ගන්නවනේ. එතකොට ඒ කෙනත් ඔයාව follow කරන තියෙන ඉඩකඩ වැඩියි. ඒක හරියට FB එකේ friend request යැව්වා වගේ. හැබැයි වෙනසකට තියෙන්නෙ අනික් කෙනා ඔයාව Accept කරන්න ඕනා නෑ. අදාල කෙනා තමුන්ගේ tweet protect කරලා නැතිනම් ඔයා follow කරන්න ගත්තු ගමන් ම එයාගෙ tweet තමුන්ගේ timeline එකේ පේන්න ගන්නවා. Twitter එක කියන්නෙ තොරතුරු ඉක්මනින්ම ගලායන මාර්ගයක් නිසා ගොඩ දෙනෙක්ව follow කරනවා කියන්නෙ වැඩි දෙයක් දැනගන්න ලැබෙනවා කියන එකයි. අලුත් දෙයක් දකිනවා කියන්නෙ කම්මැලි කමක් නැතුව ඉන්න පුලුවන් කියන එකනේ.
අපි follow කරන කෙනෙක් ගේ tweet එකක ඉන්න නොදන්න කෙනෙක්ව follow කරන්න ඕන නම් ඒ නම උඩ click කලහම පැත්තකින් එයාගේ විස්තර පෙන්වනවා. ඔයාලටත් අවශ්‍ය නම් එයාව follow කරන්න, කරන්න තියෙන්නේ Follow button එක click කරන එක විතරයි. (පිංතූරය ලොකු කරන්න ඒ මත click කරන්න), ඒ ඇරෙන්න අපිට නමින් හොයන්නත් පුලුවන්.
Add a Follower

අනික් දේ තමා ඔයාල තව කතාවකට සම්බන්ධවෙනව වගේ ඔයාලටත් පුලුවන් තව කෙනෙක්ගේ tweet එකකට තමුන්ගෙ අදහසත් කියන්න. එහෙම නැතිනම් තමුන් ඒ ගැන තව තොරතුරු කියන්න. එතකොට තව අයව අඳුන ගන්න ඒක උදව්වක් වෙනවා. ඕනම tweet එකක යට තියෙන Reply කියන එක click කරලා ඒක ඔයාලට කරන්න පුලුවන්.
Reply & Retweet Option
Replying
කෙනෙක්ගේ tweet එකක් වැදගත් කියලා හිතෙනවනම් ඔයාලට පුලුවන් තමුන්ගේ followers ලට ඒක share කරන්න. ඒකට කරන්න ඕනා Retweet කියන එක තෝරන එක විතරයි.
ReTweet
අනික Tweet කරන්න twitter page එකටම යන්න ඕන නෑ. ඒ සඳහා ඕනාතරම් application තියෙනවා. Desktop වලට වගේම Browser addon විදිහටත්. මම නම් පාවිච්චි කරන්නෙ Chromebird කියන එක. ඔන්න මම ඒකෙත් Screen shot එකක් දැම්මා. ඒ වගේම තමුන්ගේ මුණූ පොතට වගේම Google Buzz එකටත් twitter එක ලින්ක් කරන්න ලේසියෙන්ම පුලුවන් වගේම තම තමුන්ගේ බ්ලොග් කෙලින්ම Twitter එකට share කරලා කට්ටියව වැඩිපුර ගෙන්න ගන්නත් ලේසියෙන්ම පුලුවනි.

ලිපිය උපුටාගත්තේ - http://roylyfernando.wordpress.com/2011/03/25/twitter-basics/

*මෙදින වලදී උපුටාගත් ලිපි දැමීම පිලිබඳ සමාවන්න . මාගේ විභාග කටයුතු නිසා එසේ සිදුකලෙමි . නමුත් කතෘ අයිතිය සුරකිමි . 

0 comments: