පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

VIDEO , MOVIE එකකට උපසිරැසි දාමු ...

මෙන්න තවත් සුපිරි වැඩකල්ලක් එක්ක ඔයාව හොයාගෙන ආව . ඉතින් මම කියල දෙන්නේ ඔයාට PROFESSIONAL විදියට උපසිරසි video එකකට උපසිරසි දානේ කොහොමද කිය...

මෙන්න තවත් සුපිරි වැඩකල්ලක් එක්ක ඔයාව හොයාගෙන ආව . ඉතින් මම කියල දෙන්නේ ඔයාට PROFESSIONAL විදියට උපසිරසි video එකකට උපසිරසි දානේ කොහොමද කියල . මේක SOFTWARE එකක් නෙමේ . එකයි කිව්වේ නියම විදිය කියල . 
ඉතින් වැඩේට බහිමු . මේක ටිකක් HTML වගේ . නමුත් බය වෙන්න එපා . මොකද මේක සිදුකරන්න HTML දැනුම අවශ්‍ය නැ . නමුත් උපසිරසි විවිද පාට කිරීමටනම් හHTML දැනුම අවශ්‍යයි . ඉතින් දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියල . මුලින්ම ඕනේ video එක NEW FOLDER එකකට දාගන්න . මොකද එතකොට ලේසි වේවි . ඊටපස්සේ අලුත් NOTEPAD එකක් open කරගන්න . එක අර ෆෝල්ඩර් එකේ තියෙන්නම ඕනේ නැ . හැබැයි අලුත් වෙන්න ඕනේ . ඊට පස්සේ එක අර කලින් හදාගත්ත ෆෝල්ඩර් එකේ අර video එක තියෙන නමින්ම හැබැයි නම වෙනස් වෙන්න බෑ . ඒ නමින්ම දාල අගට .SRT කියල කැල්ලක් දාල ALLFILES තෝරලා යටින් utf-8 කියන එක තෝරලා SAVE කරන්න . ඊටපස්සේ එක open කරන්න බැරි නිසා right click කරලා open WITH ගිහින් NOTEPAD එකෙන් open කරන්න . ඊටපස්සේ ඔයාගේ video එකෙන් උපසිරසි දාන්න ඕනේ කාල පරාසය බලාගන්න . උදාහරණයක් විදියට පළමු තත්පර 5 ඇතුලත පළමු උපසිරසි කොටස එන්න ඕනේ කියල හිතමු කෝ . ඉතින් ඔයාට එතකොට අර notepad එකේ පහල විදියට type කරන්න . 

00:00:00,000 --> 00:00:05,000 
පරිගණක වැඩකෑලි 

ඔය මම පෙන්නුවේ පළමු තත්පර 5 තුල පරිගණක වැඩකෑලි කියල පෙන්න ගහන විදිය . මේකේ ඔයාට පේනවා පළමු substitle එක නිසා මම උඩම 1 කියල දාල ඊළඟ පේලියේ 00:00:00,000 විදියට දැම්ම . ඊටපස්සේ හිස්තැනක් තියල --> විදියට ඊතලයක් දැම්ම . මේක ඔයාලත් ඒ විදියටම දාන්න . ඊට පස්සේ තවත් හිස්තැනක් තියල 00:00:05,000 කියල දාල තියෙනවා . ඔකේ මම රතු පාටින් දාල තියෙන්නේ අපිට කොතැනට වෙනකන්ද ඕනේ කියන එක . කොමවෙන් එහාපැත්තෙ තියෙන්නේ තත්පර දශම . මේකේ වාසිය තමා google ime මේකෙදි සාර්ථකව ක්‍රියාත්මක වීම . 

මම හිතනවා ඔයා මේ උපසිරසි දැමීම පිලිබඳ අවබෝදයක් ලබාගන්න ඇති කියල . ඉතින් මොනවහරි දෙයක් තිබ්බොත් comment එකක් දාන්න . මම එහෙමනම් යනවා . තවත් ලිපිඅකින් හම්බවෙමු . 

0 comments: