pen drive එකක් ගත්තාම ඔයාල දැකල ඇති එකේ එක එක විදියේ icon තියනවා . විශේෂයෙන්ම original kingston pen එකක නම් my computer ගියාම පේනවා kingston ලාංචනය සහිත ෆොටෝ එකක් . මම අද කියල දෙන්නේ කොහොමද ඒක වෙනස් කරලා අපේ ෆොටෝඑකක් සහ නමක් දාන්නේ කියල .
මුලින්ම මේකට අපිට icon එකක් ඕනේ . එක නිසා මුලින්ම ඔයාල දාන ෆොටෝ එක තෝරන්න . ඊටපස්සේ පහත ලින්කුවෙන් icon generate කරන වෙබ් අඩවියකට ගිහින් ඔයාගේ පින්තුරය upload කරලා අයෙ එක බාගන්න .දැන් ඔන්න icon එකත් තියෙනවා .
එහෙමත් නැත්නම් ඔයාගාව මෘදුකාංගයක් හරි තියනවානම් හෝ දැනටමත් icon එකක් තියනවානම් කෙලින්ම වැඩේට බහිමු .
දැන් මේ icon එක ඔයාගේ pen එකට paste කරගන්න . එක paste කරලා එක rename කරලා ලේසි නමක් දෙන්න . නිකන් pen කියල වගේ .
දැන් desktop එකේ වගේ අලුත් notepad එකක් හදලා open කරන්න .(right click කරලා new ගිනින් text docunment යන්න -කැමති නමක් දෙන්න )
දැන් පහත කේත එකේ ගහන්න .
[autorun]
icon = pen.ico
label = pcwada
මේකේ pen.ico කියල දාල තියෙන්නේ අර icon එකේ නම pen කියලා හිතලයි .
දැන් මේක save කරන්න ඕනේ . save as ගිහින් . මේක save කරද්දී pen එක ඇතුලේ autorun.inf කියල save කරන්න .
1 comments:
Ela
Post a Comment