පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

HTML ඉගෙනගමු - පළමු පාඩම

HTML යනු අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඔබට සාම විටම හමුවන්නකි . නමුත් කුමක්ද ? html යමු වෙබ් පිටු ලිවීමට යොදාගන්නා භාෂාවයි . ඒ html ඉගෙන ගැනීම ඔ...

HTML යනු අන්තර්ජාලයේ සැරිසැරීමේදී ඔබට සාම විටම හමුවන්නකි . නමුත් කුමක්ද ? html යමු වෙබ් පිටු ලිවීමට යොදාගන්නා භාෂාවයි . ඒ html ඉගෙන ගැනීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වන්නකි . මක් නිසාද යත් html ඉගෙනීමෙන් ඔබට වෙබ් පිටු ගොඩනැගීමට මෙන්ම බොහෝ දේ සිදුකරගත හැක .

ඇත්තටම මොකක්ද මේ html කියන්නේ ? 
html යනු hypertext markup language යන්න කෙටි කිරීමකි . මේ වෙබ් අඩවිය ඇතුළු ලොව තිබෙන සෑම වෙබ් පිටුවක්ම html වලින් රචිතව . web design යනුද මෙයමය . ඉතින් මා හිතනවා දැන් ඔබ html හ වටිනාකම පිලිබඳ හොඳ තක්සේරුවකට එන්න ඇති කියල . 

ඔබට අදින් පසු අප වෙබ් පිටුවේ ඉහල ඇති ලැයිස්තුවෙන් html පාඩම් මාලාව කෙලින්ම ලබාගත හැක . දිගටම අධ්‍යනයෙන් ඔබට 100% සාර්ථකව html භාෂාව හැකි වන බව සහතිකය .

අපි මෙතැන් පටන් html ඉගෙන ගමු . මුලින්ම ඔබට මම html පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට මම මෙතෙක් වෙලා මේ ලිපිය වෙනුවෙන් type කල කේතයන් ලබා දෙන්නම් .
(ලොකු කර බැලීම සඳහා click කරන්න )

ඉහත කේතය තරමක් ඔබට අපහසු බවක් හැඟීම සාමාන්‍යයි .නමුත් කල්යාමේදී ඔබට එය පහසුවෙන් කල හැක .

දැන් අපි බලමු කොහොමද html code type කරන්නේ කියල .

ඔබ කලින් පින්තුරේ දැක්කනම් ඔබට පෙනෙයි හැම html කෙතයක්ම < හා > යන සන්කේත දෙක ඇතුලත ඇති බව සහ සමහර සංකේත වල </කේතය>  ලෙස ඇති බව .

මේවට කියන්නේ tags කියල .

tags ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි . එනම් openin tag (විවුර්ත කිරීමේ කේත ) closing tag (අවශාන කිරීමේ කේත)

සාමාන්යෙන් වැඩක් පටන්ගත්තොත් එක ඉවරවෙන්නත් එපයි . :-)

අමුත් htmlවල කේත වලින් 30%-50% වගේ ප්‍රමාණයක එහෙම closing tag නෑ . විවුට්‍ර්ත කලොත් අවසාන කරන්නේ නා . නමුත් බොහොමයක් එහෙම නෑ .

අපි tags ඉගෙන ගන්න කලින් මේවා අත්හදා බලමින් නිවසේදී සරල වෙබ් පිටුවක් සාදන විදිය බලමු . අවශ්‍ය වන්නේ NOTEPAD පමණි .

මුලින්ම අලුත් NOTEPAD එකක් OPEN කරගන්න . දැන් එහි FILE ----> SAVE AS ගිහින් කැමති තැනක කැමති නමක් යොදා අගත HTM හෝ html ලෙස සටහන් කරන්න . උදාහරණයක් ලෙස DESKTOP එකට SAVE කර නමට PARIGANAKA.HTML යොදන්න .

දැන් ඔබට තිබෙන්නේ අර මුලින් විවුර්ත කරගත් NOTEPAD හි CODE type කිරීමත් අවසානයේ සවේ කර අර කලින් SAVE කරගත් html FILE එක වෙබ් browser එකෙන් open කරගැනීමයි .

දෙවැනි පාඩම සමගින් එක්වෙමු .........



0 comments: