පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

අලුත් අවුරුද්දට සුභපතා යාලුවන්ට නොමිලේ MMS යවමු

මුලින්ම සුභ පරණ අවුරුද්දක් වේවා ! අවුරුද්දට තමන්ගේ හිත මිතුරන්ට සුභපැතුම් යැවීම අපි සැම කරන වැදගත් දෙයක් . අපි හැමදාම යවන්නේ suba aluth awu...

මුලින්ම සුභ පරණ අවුරුද්දක් වේවා ! අවුරුද්දට තමන්ගේ හිත මිතුරන්ට සුභපැතුම් යැවීම අපි සැම කරන වැදගත් දෙයක් . අපි හැමදාම යවන්නේ suba aluth awuruddak wewaa හෝ happy new year කියලනේ . ලස්සනට පින්තුරයකින් එක කියල යවන්න රුපියල් පහ ගානේ දෙන්න තියනවයි . මෙන්න එකට විසඳුම . 100% නොමිලේ .


අපි මේ සඳහා යොදාගන්නේ gmail වෙබ් අඩවියයි . මම හිතනවා හැමෝම gmail වලින් e-mail යවන්න දන්නවා ඇති කියල . මුලින්ම gmail.com ගිහින් ඔබේ email එක හරහා inbox එකට ඇතුල්වී compose යන්න .( අංක 01)

දැන් ඉහත රුපයේ අංක දෙක ස්ථානයේ පහත පරිදි ලිපිනය ඇතුල් කරන්න .

+9477xxxxxxx@mms.dialog.lk
+9471xxxxxxx@mms.mobitel.lk

මේ වගේ දුරකතන අංක ඇතුල් කර පසුව ඉහත පරිදි dialog , mobitel , airtel යන නම් ඇතුලත් කරන්න (දුරකථන අංකයට ගැලපෙන පරිදි )

+94 අනිවාර්යෙන් ඇතුලත් කරන්න .


දැන් තුන් වන තැන (subject) ඔබේ මැසේජ් එක ගහන්න .

ඔබ දන්නවා ඇති mms එකක් දුරකතනයකින් දුරකතනයකට යැව්වත් download වීමක් වෙන බව . data අවශ්‍ය නැති බාගත වීමක් එහිදී වෙන්නේ . මෙතනත් එහෙමයි . නමුත් ඔබ ඉහත තුනෙහි ඔබේ පණිවුඩය ගැසුවේ නම් බාගත කිරීමකින් තොරව බැලිය හැක .

දීර්ග විස්තරයක් නම් හතරෙහි යොදන්න .

පින්තුරයක් යැවීමට අවශ්‍යන ම් 5 තුලින් යවන්න . 

වැඩේ හරි දැන් send කරන්න .

අවුරුද්දට ක්ෂණික නොමිලේ mms යවා කාලයත් මුදලුත් ඉතිරිකර හැඟීම් කෙලින් පින්තුර මගින් ප්‍රකාශ කරන්න .

මෙය 100% සාමාන්‍ය mms එකකට සමානයි .

ඔබේ ගැටළු හා ඔබේ යෝජනා අපට දැන්වීමට අප සමග skype ඔස්සේ කතා කිරීමට මෙම වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ ඇති විගට්ටුව භාවිතා කරන්න . එසේ නොමැතිනම් pariganaka_Wadakali වෙත skype ඔස්සේ ඔබට ඇමතුම් ලබාගත හැක . (0774120247)

1 comments:

Anonymous said...

Cant send it....
Technical details of permanent failure:
Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain mms.mobitel.lk by mailmms.mms.mobitel.lk. [203.115.29.241]