පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

windows 10 සම්බන්ධ පැන විසඳුම් : ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු

Questions & Answers about windows 10 ( FAQ ) windows 10 තව සති කිහිපයකට පසු එනම් මෙමස 29 වෙනිදා නිකුත් කරන බව ඔබ අප කවුරුත් දන්නා කරු...

Questions & Answers about windows 10 ( FAQ )
windows 10 තව සති කිහිපයකට පසු එනම් මෙමස 29 වෙනිදා නිකුත් කරන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි . කෙසේ වෙතත් ගොඩ දෙනෙකුට මේ windows 10 පිලිබඳ ගැටළු ඇති බව නොරහසකි . එම නිසා අද ඒ සෑම ගැටළුවකටම විසඳුම අපි ලබා දෙනවා . එමගින් සියලු දෙනාගේම වැරදි වැටහීම් නැති වේවි . 



(1)windows 10 ඇත්තටම කීයක් වෙනවාද ?

*100% නොමිලේ .


(2)නොමිලේ දෙන windows 10 trial එකක්ද ? කොච්චර කල් valid ද ?

*ඇත්තටම එහෙම කාලයක් නැහැ . 100% original සල්ලි දීල ගත්තමත් හම්බවෙන original ම os එක හම්බවෙන්නේ . එකේ කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ .


(3)ඇත්තටම මේකද අන්තිම windows එක ?

*ඔව් 


(4)එතකොට ටිකකාලයක් යද්දී මේක පරණ වෙනවනේ ?

*නැහැ . update මගින් අලුත් මෙහෙයුම් පද්ධති නිකුත් කරනවා වගේ පොද්ද පොද්ද update දෙනවා . එක නිසා කිසිම අවුලක් නැහැ . කලින්ටත් වඩා සුපිරි .


(5)මේක කොච්චරකල් නොමිලේ දෙනවද ?

*windows 10 අවුරුද්දක කාලයක් නොමිලේ දෙනවා . ඒ අවුරුද්ද ඇතුලත ගත්තොත් ඕන තරම් කාලයක් නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් . මේක 2016 ජුලි 29 වෙනිදට කලින් ඔබේ පරිගණකයට දැම්මේ නැත්නම් සල්ලි දීල තමා ගන්න වෙන්නේ .


(6)එහෙම සල්ලි දීල ගන්නවානම් කියක් වෙනවද ?

*199 $ . ඒ කියන්නේ රුපියල් 15873.41 විතර වෙනවා .


(7)windows 10 දාගන්න මොනවද ඕනේ specifications ?
    • Processor: 1 gigahertz (GHz) or faster.
    • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
    • Free hard disk space: 16 GB.
    • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver.
    • A Microsoft account and Internet access.

(8)මේ අලුත් windows 10 එක games වලට support ද ?

*ඇත්තටම ගොඩක් හොඳට support . කිසිම බියක් තබාගත යුතු නැත . පෙර පරිදිම පරිගණක ක්‍රීඩා ගැසිය හැක .


(9)අලුතින් එන නිසා apps softwares අඩුද ? දැන් පාවිච්චි කරන ඒවා වැඩකරන්නේ නැති වෙයිද ?

*නැහැ . කලින් වැඩ කරපු සියලුම apps softwares පෙර පරිදිම වැඩ කරනවා .


(10)windows 8 වගේ මේකත් අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් වෙයිද ?

*කොහෙත්ම නැහැ . මේ windows 10 හොඳින් පරික්ෂා කර එළිදක්වන ලද්දක් . මක් නිසාද යත් ඔවුන් මෙය release කරන්න සෑහෙන කාලයකට කලින් මෙහි expert pre release එකක් නිකුත් කර දෝෂ සියල්ල සකස් කර ඇති නිසා වෙනි .



(11) windows 10 වල විශේෂතා මොනවාද ?



(12) දැන් කොහොමද මේක දාගන්නේ ?

*ඔබේ desktop හි taskbar එක මතට windows ලකුණක් වැටි ඇති . එන්න එය මත click කර ලබාගන්න . වැඩි විස්තර සඳහා මෙතනින් ගොස් මේ ලිපිය කියවන්න .


(13) කිසිම windows 10 ලකුණක් taskbar එක මත නොමැතිනම් මොකද කරන්නේ ?

*විසඳුමක් ඇත . මෙතනින් යන්න .


(14) පරිගණකයේ windows 10 දාගත් පසු නැවත ෆොර්මැට් කිරීමක් සිදු කළහොත් එය නැවත දාගත හැකිද ?

* ඔව් . අනිවර්යයෙන්ම


(15) පරිගණක කීයකට මෙය ලබාගත හැකිද ?

*ඕනෑම තරමකට

ඔබ සතුව ඇති windows 10 සම්බන්ධ වෙනත් ඕනෑම ගැටළුවක් පහත chat box හි සටහන් කර පිළිතුරු ලබාගන්න .

0 comments: