පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

windows 10 සිංහල පෙන්නේ නැද්ද ? මෙන්න ඕනෑම තැනකට වැඩ කරන විසඳුම

Fix Sinhala not showing on windows 10 ඔයාල දන්නවා ඇති පසුගිය 29 වෙනිදා windows 10 නිකුත් කල බව . මෙය නිකුත් කිරීමත් සමග බොහෝ දෙනා මෙය ස්ථ...

Fix Sinhala not showing on windows 10
ඔයාල දන්නවා ඇති පසුගිය 29 වෙනිදා windows 10 නිකුත් කල බව . මෙය නිකුත් කිරීමත් සමග බොහෝ දෙනා මෙය ස්ථාපනය කරගැනීමට පෙළඹුනා . මොකද මෙය නොමිලේ ලබාදෙන මෙහෙයුම් පද්ධතියක් නිසා . කෙසේ වුවද මෙය දාගත් බොහෝ දෙනෙක් මිට සතියකට පමණ පෙර සිට පැවසුවේ chorme browser එකේ , opera browser එකේ සිංහල අකුරු නොපෙන්වන බවයි . මිට අමතරව අපට පෙනී ගියේ paint නම් මයික්‍රොසොෆ්ට් basic ෆොටෝ edit කරන මෘදුකාන්ගයේත් සිංහල අකුරු නොපෙන්වන බවයි . මෙන්න පරිගණක වැඩකෑලි ගෙනාව සියලුම සිංහල අකුරු නොපෙන්වන ගැටළු වලට විසඳුම .


හරි අපි බලමු මේ වැඩේ කොහොමද කරන්නේ කියල .



මුලින්ම windows10 search එක අරගන්න . අර ගෙන optional feature කියල type කරන්න .
  
එවිට පහත 3 න add an optional feature කියන එකට යන්න .




එවිට එන window එකෙහි add a feature යන්න ලබා දෙන්න .



දැන් පහත පරිදි ලැයිස්තුවක් පැමිණේ . මෙහි සිංහල භාෂාව සෙවීම සඳහා පහලට යන්න .

පහත පරිදි ඔබටත් සිංහල සම්බන්ධ language pack 2 ක් දකින්න ලැබේවි . ඒ දෙකම ඉන්ස්ටල්ල් කල යුතුවේ .

ඉන් එකක් මත click කර ඉන්ස්ටල්ල් යන්න ලබා දෙන්න .

මේ ආකාරයට අනෙකටටද ලබා දෙන්න . ( එකක් ඉන්ස්ටල්ල් වීමට තත්පර සුළු වෙලාවක් ගතවේ . තත්පර 5 ක් පමණ. ඉන් පසු ලැයිස්තුව reloadවී නැවත මුලට යයි . නැවත දෙවැනි සිංහල pack එක සොයා එයද instal කරන්න . )

දැන් වැඩේ හරි .



ඔබේ අදහස් දක්වා comment කරන්න . නැතිනම් chat මගින් අප හා සම්බන්ධ වෙන්න .


2003 අංක 26 දරන පනතට අනුව වෙබ් අඩවියකින් යමක් උපුටාගැනීම වරදක් . කතෘ අවසරයකින් තොරව එසේ කිරීමෙන් වලකින්න .

2 comments:

Anonymous said...

thanks bro

Anonymous said...

Nice work