පරිගණක තාක්ෂණ ලොව ජයගැනීමට සදහා ඔබේ සැම වෙනුවෙන් .

iPhone Xi කොහොම වේවිද ?

Apple ආයතනය විසින් 2019 වසරේ නිකුත් කිරීමට නියමිත iPhone Xi හෙවත් iPhone 11 Series එක පිලිබඳ මේ වන විටත් අපට විස්තර වාර්තා වෙමින් පවතී . මේ...

Apple ආයතනය විසින් 2019 වසරේ නිකුත් කිරීමට නියමිත iPhone Xi හෙවත් iPhone 11 Series එක පිලිබඳ මේ වන විටත් අපට විස්තර වාර්තා වෙමින් පවතී . මේ iPhone Xi එක කොහොම වේවිද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු . 


Apple ආයතනය වසර දෙකකට වතාවක් සැලකිය යුතු වෙනස් කමක් iPhones වලට එකතු කරන්නේ අලුත්ම Series එකක් නිකුත් වන නිසාවෙනි . පසු අවුරුද්දේදී එහි S version එක නිකුත් කරයි . 

එසේම මෙවරද ප්‍රධාන iPhones තුනක් නිකුත් වීමට සුදානම් . 
(1) iPhone Xi
(2) iPhone Xi Max
(3) iPhone Xi R

සුපුරුදු පරිදි  iPhone Xi R යනු budget සන්සකරණයක් හෙවත් මිල අඩු iPhone එකක් වන අතර මෙය අපට රු.150,000 ආසන්න මුදලකට මිලදී ගත හැකි වනු ඇත . කෙසේ නමුත් මෙහි අපට බලාගැනීමට හැකි වනුයේ කැමරා දෙකක් පමණි . 

අපට iPhone Xi සහ iPhone Xi Max හි ප්‍රධාන කැමරා 3 ක් පසු පස දැකගත හැකි වේ . බලු බැල්මට තරමක් වෙනස් ආකාරයේ පසුපසක් අපට දැකිය හැකි වේ . බොහෝ දෙනා මෙම හැඩයට අකමැත්තක් දක්වන බව දැකගත හැක . කෙසේ වෙතත් මෙම camera ත්‍රිත්වය ප්‍රධාන ලෙස Ultra Wide , Wide , Telephoto ලෙස වේ යයි අපගේ විශ්වාසයයි . 

ඉදිරිපස Screen එකෙහි notch එක තරමක් කුඩා වේ යයි බලාපොරොත්තු විය හැක . එසේම නවතම iOS 13 තුලින් මෙම iPhone Xi පන ගැන්වෙනු ඇත . 

SL Geek Youtube නාලිකාවේ පළවුණු වීඩියෝව නැරඹීමෙන් මේ පිලිබඳ තව බොහෝ දෑ ඔබට දැනගත හැක . 




1 comments:

Anonymous said...